කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය අසල සැකකටයුතු කණ්ඩායමක්: එක් අයෙකු අත්අඩංගුවට

කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය අසල සැකකටයුතු කණ්ඩායමක්: එක් අයෙකු අත්අඩංගුවට

කර්තෘ Kumudu Jayawardana

09 Apr, 2014 | 11:32 am

කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය අසලට අද අලුයම වෑන් රථයකින් පැමිණ සිටි සැකකටයුතු පිරිසක් පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඔවුන් පැමිණි වෑන් රථය සහ එක් සැකකරුවෙකු ගම් වාසීන් විසින් අල්ලාගනු ලැබ ඇති බව ය.

පසුව එම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර තව ත් සැකකරුවන් තිදෙනෙකු පළාගොස් තිබේ.

මෙම සැකකරුවන් කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයට හානියක් කිරීමට ද එසේ නැතහොත් කැස්බෑවුන් සොරකම් කිරීමට ද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මීට පෙර දුර්ලභ ගණයේ සුදු කැස්බෑවෙකු සොරකම් කිරීම පිළිබඳව ආන්දෝලනාත්මක සිද්ධියක් වාර්තා වූයේ ද, මෙම මධ්‍යස්ථානයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]