ලක් රජයේ සහය නැතිව කිසිවෙකුට මෙහි පැමිණිය නොහැකියි – ජී.එල්.පීරිස්

ලක් රජයේ සහය නැතිව කිසිවෙකුට මෙහි පැමිණිය නොහැකියි – ජී.එල්.පීරිස්

ලක් රජයේ සහය නැතිව කිසිවෙකුට මෙහි පැමිණිය නොහැකියි – ජී.එල්.පීරිස්

කර්තෘ Sagarika Chathumali

08 Apr, 2014 | 8:32 pm

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයට ශ්‍රී ලංකාව සහයෝගය නොදක්වන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි.

විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ  පැවති හමුවකදී ය.

නීත්‍යානුකූල භාවය, සාධාරණත්වය ඇතුළු ගැටලු හේතුවෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය රජය පිළි නොගන්නා බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ ය.

ශ්‍රී  ලංකා රජයේ සහයෝගයක් නොමැතිව කිසිවෙකුට මෙහි පැමිණිය නොහැකි බව ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී පවසා තිබේ.

අමෙරිකවේ අනුග්‍රහය යටතේ රටවල් කිහිපයක් පසුගිය මස 27 වන දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගත්තේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එම විමර්ශනය ආරම්භ කිරීමට සූදානම් වන්නේ ඒ අනුව යි.