‘ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ගත්තේ පන්දු යවන්නන් නිසා’ – ඩැරිල් කලිනන්

‘ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ගත්තේ පන්දු යවන්නන් නිසා’ – ඩැරිල් කලිනන්

‘ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ගත්තේ පන්දු යවන්නන් නිසා’ – ඩැරිල් කලිනන්

කර්තෘ Staff writer

07 Apr, 2014 | 10:10 am

මෙවර පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි වූයේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතාව මත බව ජත්‍යන්තර විශේෂඥ ක්‍රිකට් විචාරකයෝ පවසති.

දකුණු අප්‍රිකාවේ හිටපු දක්ෂ පිතිකරුවෙකු වන ඩැරිල් කලිනන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් පන්දු වාර කිහිපයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ බව ය.

එම පීඩනය ඉන්දීය පිතිකරු යුව්රාජ් සිංගේ අසාර්ථකත්වය මත ගොඩ නැගුණු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

යුව්රාජ් සිං ඉන්දීය ඉනිමේ අවසන් සිය වගකීම හොඳින් තේරුම් ගෙන නොසිටි බව ඩැරිල් කලිනන් සඳහන් කළේ ය.

මේ හේතුවෙන් ඉන්දීය ඉනිම ගොඩ නැගීම සඳහා විරාට් කෝලි දැරූ උත්සහය ව්‍යර්ථ වී ගිය බව ද ඔහු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]