ශාන් විජේලාල් ද සිල්වා ගාල්ලෙන් ප්‍රථම ස්ථානයට

ශාන් විජේලාල් ද සිල්වා ගාල්ලෙන් ප්‍රථම ස්ථානයට

ශාන් විජේලාල් ද සිල්වා ගාල්ලෙන් ප්‍රථම ස්ථානයට

කර්තෘ Chathuranga Rajapaksha

30 Mar, 2014 | 10:18 pm

පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශාන් විජේලාල් ද සිල්වා මහතා ලැබු මනාප සංඛ්‍යාව 95,860කි.

යූ.ජී.ඩී.ආරියතිලක මහතාට මනාප 48,289ක් හිමිව ඇති අතර සම්පත් අතුකෝරල මහතාට මනාප 42,531ක් ලැබී තිබේ.

එක්සත් ජාතිකපක්ෂයේ බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා මනාප 32,001ක් ලබා ගත්තේය.

එම පක්ෂයේ විජේපාල හෙට්ටිආරච්චි මහතා  මනාප 23,478ක් ලබා ඇති අතර අශෝකධනවංශ මහතා මනාප 21,854ක් ලබා ගත්තේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අමරසිරි කුරුවගේ සහ පත්මසිරි ද සිල්වා යන් මහත්වරුන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ මහතා ද තේරී පත්ව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]