පුද්ගලයින් 3 දෙනෙකුට මරු කැඳ වූ වරකාපොළ රිය අනතුර (Video)

පුද්ගලයින් 3 දෙනෙකුට මරු කැඳ වූ වරකාපොළ රිය අනතුර (Video)

කර්තෘ Sagarika Chathumali

29 Mar, 2014 | 6:29 am

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල, මාහේන ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තව ත් 9 දෙනෙක් තුවාල  ලැබූහ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.10 ට පමණ අනතුර සිදු ව ඇති බව ය‍.

අනතුර සිදු ව ඇත්තේ, මහනුවර සිට කොළඹ දෙසට මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් කොළඹ සිට නුවර දෙසට ගමන් ගත් මගී ප්‍රවාහන බස් රථයේ ගැටීමෙනි.

අනතුරින් ටිපර් රථයේ සහ බස් රථයේ රියැදුරන් දෙදෙනා සහ තව ත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පැවසී ය.

අනතුරින් මියගොස් ඇත්තේ, තෝලංගමුව, කටුගස්තොට හා තෙල්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

තුවාල ලැබූවන් තිදෙනෙක් වරකාපොල රෝහලේ ප්‍රතිකාර ලබන අතර තව ත් 6 දෙනෙක් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]