LIVE – ශ්‍රී ලංකාවට එරෙහි අමෙරිකානු යෝජනාව එ.ජා. මානව හිමිකම් කොමිසමේ සැසිවාරය හමුවට

LIVE – ශ්‍රී ලංකාවට එරෙහි අමෙරිකානු යෝජනාව එ.ජා. මානව හිමිකම් කොමිසමේ සැසිවාරය හමුවට

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 4:57 pm

අමෙරිකාව ප්‍රමුඛ රටවල් 5 ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව මීට ටික වේලාවකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ, අදාළ යෝජනා කෙටුම්පත අවස්ථා 3 කදී සංශෝධනය කිරීමෙන් අනතුරුව ය.

දෙපාර්ශ්වය විසින් ම සිදුකළ බව කියන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ඊට සම්බන්ධ අපරාධ පිළිබඳව පුළුල් ස්වාධීන විමර්ශනයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය යටතේ සිදුකරන ලෙස අද ඉදිරිපත් කල වාර්තාවෙන් යෝජනා කර තිබේ.

එමෙන්ම අදාළ යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කර අදාළ අභ්‍යන්තර ක්‍රියවළින් පිළිබඳව ප්‍රගතිය අඛණ්ඩව තක්සේරු කරන ලෙස ය.

මානව හිමිකම්  කොමිසමේ 25 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් සාමාජික රටවල් දැන් අදහස් දක්වනු ලැබේ.

තව ටික වේලාවකින් මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිත ය.

Watch LIVE