මහේලගෙන් විශිෂ්ට පිතිහරඹයක්: එංගලන්තය ට ලකුණු 190ක අභියෝගයක්

මහේලගෙන් විශිෂ්ට පිතිහරඹයක්: එංගලන්තය ට ලකුණු 190ක අභියෝගයක්

මහේලගෙන් විශිෂ්ට පිතිහරඹයක්: එංගලන්තය ට ලකුණු 190ක අභියෝගයක්

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 9:03 pm

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබා ගැනීමට  සමත් විය.

චිතගොංහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය ප්‍රථමෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4දී දැවී ගියේය.

කුසල් පෙරේරා ලබාගත් ලකුණු ගණන 3කි.

අනතුරුව මහේල ජයවර්ධන සහ ටී.එම්.ඩිල්ෂාන් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 145ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මහේල පන්දු 51කදී ලකුණු 89ක් ලබා ගත්තේය.

ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ද ඇතුලත් විය.

ටී.එම්. ඩිල්ෂාන් පන්දු 47කදී ලබා ගත් ලකුණු ගණන 55කි.

ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

කුමාර් සංගක්කාර තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

තිසර පෙරේරා නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේය.

ක්‍රිස් ජෝර්ඩ්න් ලකුණු 28කට ලබාගත් කඩුලු ගණන 2කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]