පුද්ගලයින් 10 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයින් 10 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයින් 10 දෙනෙකුට මරණ දඬුවම

කර්තෘ Kumudu Jayawardana

27 Mar, 2014 | 2:13 pm

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 10 දෙනෙකුට මහනුවර මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

එලෙස දඬුවම් නියම වූයේ, 2004 වසරේ අප්‍රේල් මස 8 වන දින රත්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවරූ නඩුවක තීන්දුව අනුව ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පැවසුවේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ය.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබිණි.

ඉන් එක් අයෙකු මිය ගොස් ඇති අතර, තව ත් තිදෙනෙකු නිදොස් ‍කොට නිදහස් කිරීමට මහනුවර මහාධිකරණය නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]