නෙදර්ලන්තය ජය කණුව අභියස පරාජය වැළඳ ගනී

නෙදර්ලන්තය ජය කණුව අභියස පරාජය වැළඳ ගනී

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 8:17 pm

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරග‍යෙන් ලකුණු 6ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද සමත් විය.

තරගයේ ප්‍රථමෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු ගණන
145කි.

ඊට පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139ක් පමණි.

බංග්ලාදේශයේ චිතගොංහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු නෙදර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 3දී දැවී ගියේය.

හෂිම් අම්ලා ලකුණු 43ක් ලබා ගත්තේය.

ෆා‍ෆ් ඩූ ප්ලේසී ලබාගත් ලකුණු ගණන 24කි.

දකුණු අප්‍රිකා පිතිකරුවන් හය දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වීම විශේෂත්වයකි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අහාසාන් මලික්  පන්දුවාර 4කදී ලකුණු 19කට කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 58කි.

ස්ටේපන් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය.

ටොම් කූපර් ලබා ගත් ලකුණු ගණන 16කි.

නෙදර්ලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 23ක් තුළ දැවී යාම විශේෂත්වයකි.

නෙදර්ලන්තය ජයග්‍රාහී ඉලක්කය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ ද මැදපෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවි යාම

හේතුවෙන්  ඔවුන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු කඩවිය.

ඉම්රාන් තහීර් ලකුණු 21කටකඩුලු 4ක් දවා ගත්තේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]