අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ගනී (Video)

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ගනී (Video)

කර්තෘ Chathuranga Rajapaksha

24 Mar, 2014 | 7:35 pm

අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බව ය.

පසු ගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග  ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]