සචිත්‍ර සිය කුළුදුල් දරුවා වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය අත්හරී

සචිත්‍ර සිය කුළුදුල් දරුවා වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය අත්හරී

කර්තෘ Chathuranga Rajapaksha

03 Mar, 2014 | 12:44 pm

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග අද පැවත්වෙන තරගයට තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර ‍සේනානායක සහභාගී නොවන බව කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.

ඔහු පැවසුවේ සිය කුළුදුල් දරුවා දැකගැනීම සදහා සචිත්‍ර කොළඹ බලා පිටත්වීම ඊට හේතුව බව ය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා

[quote]මැච් එකට ඔක්කොමලා ලෑස්තිවෙලා ඉන්නේ. ඔක්කොමලා ෆිට්. සචිත්‍ර සේනානායක කොළඹ ගිහිල්ලා. ඒක හින්දා එයා නෑ. එයා ආයේ එන්නේ හෙට. එයා වෙනුවෙන් ඉන්න දාහතර දෙනාගෙන් එක්කෙනෙක් ගහයි. ඒ කවුද කියලා තාම තීරණයක් ගත්තේ නෑ. ඒක ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා, පිට්ටනිය බලලා, පිච් එකේ තත්ත්වේ බලලා තමයි තීරණය කරන්නේ කවුද ගහන්නේ කියලා.[/quote]