ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 8:40 pm

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් ම ජය ලබමිනි.

ඇෆ්ගනිස්ථානයට එරෙහි ව අද පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 129කින් ජය ලැබී ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 253ක් රැස් කළේ ය.

ළහිරු තිරිමාන්න ලකුණු 5ක් රැස් කළ අතර කුසල් ජනිත්ට රැස් කළ හැකි වූයේ, ලකුණු 33ක් පමණි.

මහේල ජයවර්ධන ලකුණු 14ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 26ක් රැස් කළහ.

85 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 76ක් රැස් කළේ ය.

නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක්වූ තිසර පෙරේරා 7වැනි කඩුල්ලට ලකුණු 69ක නොබිඳුන සබඳතාවයක් ගොඩ නැගූහ.

ඉනිම අවසානයේදී නොදැවී ක්‍රීඩා කළ තිසර පෙරේරා ලකුණු 19ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 45ක් රැස් කර ගෙන සිටියහ.

ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ, ලකුණු 124ක් පමණි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය  ඩකාහී මීර්පූර් ක්‍රීඩාංගණයේ පැවැත් විය.