වරෙන්තුකරු පොලීසියට පිහියෙන් ඇන පලා යයි

වරෙන්තුකරු පොලීසියට පිහියෙන් ඇන පලා යයි

වරෙන්තුකරු පොලීසියට පිහියෙන් ඇන පලා යයි

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 3:52 pm

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය කොළොන්න පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට වරෙන්තුකරු පිහියකින් ඇන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් ‍කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇඹිලිපිටිය රෝහලට අතුළත් කර ඇති බව ය.

අදාළ නිලධාරීන් අද උදෑසන 6.00ට පමණ, කොළොන්න, දාපනය, ඕමල්පේ ප්‍රදේශයේ පිහිටි වරෙන්තුකරුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු නිවස පිටුපස සැඟ ව සිට එම ප්‍රහාරය එල්ල කර තිබේ.

වරෙන්තුකරු සිද්ධියෙන් පසු පලා ගොස් ඇති බව පොලීසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ‍යොදවා ඇති බව ය.