මානව හිමිකම් කවුන්සිල සැසිය ඇරඹෙයි (වීඩියෝ)

මානව හිමිකම් කවුන්සිල සැසිය ඇරඹෙයි (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 9:11 pm

මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වන සැසිවාරය  ජිනිවාහිදී ආරම්භ විය.

මෙවර සැසිවාරය ලබන  28 දක්වා පැවැත්වීමට නියමිතයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මෙවර  සැසිවාරය ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට රටවල් 47 ක් සහභාගි වේ.

මානව හිමිකම් පිළිබඳව නවනීදන් පිල්ලෙයි මහත්මියගේ වාර්තාව මෙවර සැසිවාරයට ඉදිරිපත් කෙරන අතර ශ්‍රී ලංකාව පිළිබඳව ද එහි කරුණු ඇතුළත් ය.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මෙවර ද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වීමට නියමිතව ඇති බව පසුගිය දිනවල වාර්තා විය.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මහින්ද සමරසිංහ හා නිමල් සිරිපාලද සිල්වා යන අමාත්‍යවරු සමග ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද ඇතුළත් වෙති.

නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ අති‍රේක සොලිසිටර් ජෙනරල් ජයන්ත ජයසූරිය, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙවර ජිනීවා සැසියට සහභාගි වන බව ය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉදිරි දින කිහිපයේ ජිනීවා නුවරට ළගා වනු ඇති.

අද සැසිවාරය ආරම්භයට පෙර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ද නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]