මයිකල් ෂූමාකර් ගැන දුක්මුසු ආරංචියක්

මයිකල් ෂූමාකර් ගැන දුක්මුසු ආරංචියක්

මයිකල් ෂූමාකර් ගැන දුක්මුසු ආරංචියක්

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 7:50 pm

හදිසි අනතුරකට ලක් ව සිටින මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර් තවදුරට ත් සම්පූර්ණ සුවයක් නොලබනු ඇති බවට ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.

ෂූමාර්කගේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුරින් ෂූමාර්කට සිදු වී ඇති තුවාල බරපතළ බැවින් සම්පූර්ණ සුවයක් ලැබෙනු ඇතැයි, අ‍පේක්ෂා කළ නොහැකි බව ය.

රෝගී තත්ත්වයට පත් ව මාස දෙකක් ගතව ඇතත් ඔහු සුවඅතට හැරීමේ ධනාත්මක සලකුණක් හෝ ‍පෙන්නුම් නොකරන බව එම වෛද්‍යවරුන් වැඩි දුරට ත් පවසා ඇත.

මීට මාස දෙකකට පමණ පෙර හිම මත ලිස්සා යාමේදී සිදු වූ අනතුරකින් පසු ෂූමාකර් කෝමා තත්ත්වයට පත් විය.

අනතුර සිදු වූයේ, සිය පුත්‍රයා සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙනි.

අවස්ථා 7කදී ෆෝමියුලා  – 1 ශූරතාව ජය ගෙන සිටින ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් 45 වැනි වියේ පසු වේ.

122821 article-0-1BC9899700000578-641_634x465 michael-schumacher

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]