මට මේ නින්දිත වැඩේ කළේ, ලක්ෂ්මන් වසන්ත- විල්ගමුව සභාපති (වීඩියෝ)

මට මේ නින්දිත වැඩේ කළේ, ලක්ෂ්මන් වසන්ත- විල්ගමුව සභාපති (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 9:36 pm

ප්‍රාදේශීය සභා නිල කැබ් රථයේ ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා හිටපු සභාපතිවරයා අද ඇප මත මුදා හැරිණ.

ඒ ඔවුන් අද නාවුල මහේස්තාත් මංජුල තිලකරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ගංජා ග්‍රැම් 275ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ යන මහත්වරුන් ඊයේ විල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ඒ ප්‍රදේශීය සභාවට අයත් කැබ් රථය ත් සමගයි.

පසුව ඔවුන් නාවුල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

සැකකරුවන් අද නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි ඔවුන් දෙදෙනා මුදා හැරියේ රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් 50,000ක ශරීර ඇප මත යි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ද පැමිණ සිටියහ.

නඩු විභාගය මැයි මස 16 වනදා දක්වා කල් තැබුණු අතර එදිනට ලග්ගල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]