පෙම්වතියට සිතා මතා වෙඩි නොතැබූ බව ඔස්කා පිස්ටෝරියස් අධිකරණය හමුවේ කියයි (Video)

පෙම්වතියට සිතා මතා වෙඩි නොතැබූ බව ඔස්කා පිස්ටෝරියස් අධිකරණය හමුවේ කියයි (Video)

කර්තෘ Kumudu Jayawardana

03 Mar, 2014 | 4:45 pm

සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බව පැරාලිම්පික් පදක්කම් ලාභී ඔස්කා පිස්ටෝරියස් අද අධිකරණය හමුවේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දකුණු අප්‍රිකානු රජයේ නීතීඥයින් එම ඝාතනය සැලසුම්සහගතව කරන ලද්දක් බවට ඉදිරිපත් කළ තර්කවලට පිළිතුරු දෙමිනි.

එහිදී, ඔස්කා පිස්ටෝරියස් සඳහන් කළේ, රීවා ස්ටීන්කෑම්ප් සොරෙකු යැයි සිතා වැරදීමකින් වෙඩි තැබූ බව ය.

29 හැවිරිදි නිරූපණ ශිල්පිනියක වූ රීවා, පසුගිය වසරේ පෙබරවාරි මස 14 වන දා ජීවිතක්ෂයට පත් විය.
reeva mother
අද නඩු විභාගය සඳහා රීවාගේ මව ද අධිකරණයට පැමිණියා ය.

දකුණු අප්‍රිකානු අධිකරණ ඉතිහාසයේ පළමු වරට මෙම නඩු විභාගයේ කොටසක් මාධ්‍යයට අනාවරණය කර තිබේ.

nc_oscar_pistorius_dm_130214_wmain

SOURCE: BBC, AP