පාදුක්කේ කොල්ලයට ගිනි අවිය දුන් සැකකරු අල්ලයි

පාදුක්කේ කොල්ලයට ගිනි අවිය දුන් සැකකරු අල්ලයි

පාදුක්කේ කොල්ලයට ගිනි අවිය දුන් සැකකරු අල්ලයි

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 10:28 pm

පසුගියදා පාදුක්ක ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක සිදු වූ රුපියල් කෝටි එක හමාරකට අධික කොල්ලයට සම්බන්ධවූවන්ට පිස්තෝලය ලබා දුන් බව කියන පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සැකකරු අලව්ව ප්‍රදේශයේ පදිංචි අබාධිත හමුදා නිලධාරියෙකු බව ය.

මීට පෙර මෙම සිද්ධියට අදාළව යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු සාකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.