ආරක්ෂකයින් සමග ගැටුණු ජ’පුර සිසුන්ට විභාගය තහනම්

ආරක්ෂකයින් සමග ගැටුණු ජ’පුර සිසුන්ට විභාගය තහනම්

ආරක්ෂකයින් සමග ගැටුණු ජ’පුර සිසුන්ට විභාගය තහනම්

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 3:29 pm

ශ්‍රී ජයවර්ධන පුර  විශ්වවිද්‍යාලයේ සිසුන් 18 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

විශ්වවිද්‍යාල මාධ්‍ය ප්‍රකාශක, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පැවසුවේ, පසුගිය දා විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහර දීම සහ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත ඔවුන්ගේ පන්ති තහනම් කළ බව ය.

අදාළ සිසුන් සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකදී ඊට වැරදිකරුවන් ලෙස හඳුනා ගත් පිරිසක් බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

පන්ති තහනමට ලක් වූවන් මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

ඒ අනුව අදාළ සිසුන්ට අද පැවැත්වෙන විභාග සඳහා සහභාගී වීමට ද අවසර හිමි නොවේ.

ඉදිරියේදී එම සිසුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා වැඩි දුරට ත් සඳහන් කළේ ය.