ජනපති මියන්මාරයට ළඟා වෙයි

ජනපති මියන්මාරයට ළඟා වෙයි

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 6:33 pm

බිම්ස්ටෙක් තුන්වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට සඳහා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මියන්මාරයේ නේපිටෝ ගුවන්තොටුපොළට ළඟා වී තිබේ.

ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පැවසුවේ, එහිදී මියන්මාර් කම්කරු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන් විසින් ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගනු ලැබූ බව ය.

මියන්මාර ජනරජයේ ජනාධිපති ඌ තීං සීන් මහතා අන්තර්ජාතික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී අද රාත්‍රී පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සහභාගීවීමට නියමිත ය.

මේ අතර ජනාධිපතිතුමා හෙට බිම්ස්ටෙක් තුන්වන රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

බහු ආංශිය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය හා ශ්‍රී ලංකාව යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 සහභාගී වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]