පොලීසියට එරෙහි ව පැමිණිලි 110ක්

පොලීසියට එරෙහි ව පැමිණිලි 110ක්

පොලීසියට එරෙහි ව පැමිණිලි 110ක්

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 3:39 pm

වසරේ මේ දක්වා කාලය තුළ පොලීසියට එරෙහි ව පැමිණිලි 110ක් ලැබී ඇතැයි ජාතික ‍පොලිස් කොමිසම පවසයි.

එහි ලේකම් බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඉන් පැමිණිලි 14 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පවත්වා ඇති බව ය.

වැඩි ම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ, පොලීසිය නිසි පරිදි රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 41කි.

පක්ෂග්‍රාහීත්වය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇතැයි බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.