පොලිස් සැරයන්වරයෙකු ගෙල වැලලාගෙන මිය යයි

පොලිස් සැරයන්වරයෙකු ගෙල වැලලාගෙන මිය යයි

පොලිස් සැරයන්වරයෙකු ගෙල වැලලාගෙන මිය යයි

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2014 | 12:31 pm

උඩුදුම්බර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු සිය දිවි හානි කරගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඔහු ඊයේ සවස ගෙල වැලලාගෙන එලෙස සිය දිවි හානි කරගෙන ඇති බව ය.

45 හැවිරිදි අදාල පොලිස් සැරයන්වරයා තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ අයෙකු බව ද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

එලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ, උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචි දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පොලිස් සැරයන් එස්.එම්. ආනන්ද සමරසේකර නමැත්තෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]