නවනීදන් පිල්ලෙයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ 13 මෙන්න

නවනීදන් පිල්ලෙයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ 13 මෙන්න

නවනීදන් පිල්ලෙයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ 13 මෙන්න

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 7:06 pm

ශ්‍රී ලංකාව තුළ සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය මැයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාව මගින් නවනීදන් පිල්ලෙයි මහත්මිය යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ දේවලට අදාළ අලුත් සාක්ෂි මතුවන බැවින් ස්වාධීන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපනය කරන ලෙස නිරේදේශ කර තිබේ.

පිටු 18 කින් යුතුව ඊයේ නිකුත් කරන ලද අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු පිළිබඳව හුවා දක්වා තිබෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළැඹ ඇති නිගමන සේම නිර්දේශයන් ද අතුළත් ය.

මේ අතර උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ඇතුම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී හා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී අත් කර ගෙන ඇති ප්‍රගතිය ඊයේ නිකුත් කෙරුණු වාර්තාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පැසසුමට ලක් කර තිබේ.

කෙ‍සේ වෙතත් නවනීදන් ‍පිල්ලෙයි මහත්මිය සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂවාදී නීති උල්ලංඝනය සම්බන්ධයෙන් අතීත සිදුවීම් පිළිබඳව ස්වාධීන හා විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම තතහවුරු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩඅව අසමත් ව ඇති බව ය.

සුළුතර ආගමික කොටස්වලට එරෙහිව එල්ලවන ප්‍රහාර සහ මානව හිමිකම් ක්‍රියාදාමයන් නීතිවේදීන් හා ජනමාධ්‍යවේදීන්  අඩත්තේට්ටම්වලට ලක් කිරීම හා බිය ගැන්වීම ආශ්‍රිත මෑත කාලීන සිදුවීම් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල වාර්ෂික වාර්තාවේ සඳහන් ය.

එම වාර්තාව නවනීදන් පිල්ලෙයි මහත්මිය සඳහන් කර ඇත්තේ, තමන් හා අදාළ විශේෂ කාර්ය සම්පාදනය සම්බන්ධයෙන් වරම් ලද පිරිස් විසින් තාක්ෂණික සහය ලබා දීමට ඉදිරිපත් වුව ද ශ්‍රී ලංකා ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව ය.

ශ්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවෙන් නිර්දේශ 13 පහතින් දැක්‍ වේ.

1. සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා නීති සම්පාදනය කිරීම හා ඒ සම්බන්ධයෙන් දැනට පවතින නීති සංශෝධනය කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට  අනුකූල ලෙස සම්පාදනය කිරීම.

2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවා ගැනීම එම පනතින් ඇති කළ විධිවිධාන අහෝසි කළ යුතු ය.

3. සුළුතර ජන කණ්ඩායම් ජනමාධ්‍ය හා මානව හිමිකම් ක්‍රියාදාමයන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන නඩු පවරා දඬුවම් පමුණුවමින් අදාළ වින්දිතයින්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු ය.

4. ‍මෑතකදී සොයා ගැනුණු සූහ මීනි වළවල් ද ඇතුළුව ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂවාදී නීතිය උල්ලංඝනය වීම් සිදු වූ බවට එල්ල වන සියලු චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය ඇති ව ස්වාධීන හා පිළිගත හැකි අපරාධ හා වෝහාරික පරීක්ෂණ සිදු කළ යුතු ය.

5. වඩා විස්ථීරණ හා අවසන් යුක්තිය ඉලක්ක කර ගත් සංක්‍රමණික ප්‍රවේශනයේ අභ්‍යන්තරික අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් හා ජාතික වන්දි ප්‍රතිපත්තියක් ඇති කිරීම.

6. රටේ සියලු ම පළාත්වල මේ තාක් විවිධ කාලවදී සිදු ව ඇති පුද්ගල අතුරුදන් වීම් පිළිබඳව ඉතිහාසය අවාරණය කළ හැකි පරිදි අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසමේ බලතල හා එහි ධුර කාලය පුළුල් කළ යුතු ය.

7. යුද අධිකර‍ණයේ අවසන් වාර්තාව 2006 ජනාධිපති පරීක්ෂණ කොමිස‍මේ වාර්තාව හා මෑතකදී පත් කළ එබදු කොමිසම් වාර්තාවල ඇති සාක්ෂි සමාලෝචනය පිණිස අදාළ සියලු වාර්තා ප්‍රකාශයට පත් කළ යුතු ය.

8. නිරායුධකරණය සඳහා වැඩි දුරට ත් පියවර ගැනීම – සිවිල් කටයුතු හමුදාමය මැදිහත්වීම්වලින් තොර බවට ‍තහවුරු කිරීම ඉඩම් ආරවුල් නිරාකරණය හා ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතුවලදී අර්ථවත් ප්‍රජා සහභාගීත්වය තහවුරු කිරීම.

9. උගත් පාඩම් සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගයක් ලෙස සිවිල් සාමාජ සහ සුළුතර ප්‍රජා නියෝජිතයින්ට පුළුල් ලෙස සහභාගී වීය හැකි උපදේශාත්මකක්‍රියාවලියක් ඇති කළ යුතු ය.

10. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශයක් වන ජාතික සැමරුම් දිනය ක්‍රියාත්මක කිරීම සියලු පුරවැසියන්ට කණ්ඩායම් ලෙස හෝ තනි තනිව සැමරුම් සඳහා ඉඩ ලබා දීම සහ යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීම සඳහා විධිමත් සැමරුම් ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා ජාතික මට්ටමේ අදහස්  විමසිය යුතු ය.

11. තාක්ෂණික සහය ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපත් වීම පිළිබඳව ධානාත්මකව සලකා බැලීම.

12. බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් සිදු වූ අතුරුදන්වීම් පිළිබඳව ‍සොයා බැලීමේ ක්‍රියාකාරී කණ්ඩායම සහ සුළුතර ගැටලු සම්බන්ධයෙන් වන ස්වාධීන විශේෂඥයින් වැනි විශේෂ ක්‍රියාකාරකම් පිළිබඳ වරම්ලත් පිරිස් 2014 වස‍රේදී ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කළ ඉල්ලීම අනුව ඔවුන්ට එසේ පැමිණෙන ලෙස ආරාධනා කිරීම.

13. යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ දේවලට අදාළ අලුත් සාක්ෂි මතුවන බැවින් ස්වාධීන  ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු ය.

මේ අතර යුද්ධයේ අවසන් අදියරේදී ජාත්‍යන්තර මානව හිමිකම් නීති හා ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනය වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත් වීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.

ජීනිවාහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ අදාළ නිර්දේශය තුළින් එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන පූර්ව නිශ්චිත දේශපාලනික හා අගතිගාමී න්‍යාය පත්‍රයක් පිළිබිඹු බව බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]