”කුරුණෑගල සිසුන්ට මින් පසු අවවාද නැහැ”

”කුරුණෑගල සිසුන්ට මින් පසු අවවාද නැහැ”

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 10:29 pm

ඉදිරියේදී සිසු සිසුවියන්ට අවවාද කිරීමෙන් වැළකී සිටින බව කුරුණැගල දිස්ත්‍රික් ගුරු, විදුහල්පති සංගම් පවසයි.

ඔවුන් මේ බව පැවසුවේ අද කුරුණැගල පැවති විරෝධතාවකට එක් වෙමිනි.

සිසුවියක සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහි ව පියවර ගැනීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවැත් විණ.