ඉතිරි සල්ලි නොදුන් රියැදුරු සහ කොන්දොස්තර රිමාන්ඩ්

ඉතිරි සල්ලි නොදුන් රියැදුරු සහ කොන්දොස්තර රිමාන්ඩ්

ඉතිරි සල්ලි නොදුන් රියැදුරු සහ කොන්දොස්තර රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 5:32 pm

බස් ටිකට් පතක් සඳහා රුපියල් 50ක ඉතිරි මුදල ආපසු නොදුන් බව කියන බස්රථ රියදුරු සහ සහයකයෙකු මාර්තු 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

මාර්ග අංක 119 මහරගම – දෙහිවල ගමන් ගන්නා බස් රථයක මගියෙකුට ටිකට් පතක් සඳහා මුදල් ලබා දී රුපියල් 50 ඉතිරි මුදල ආපසු ලබා නොදුන් බවට දෙහිවල ‍‍පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් එහි රියැදුරා සහ කොන්දොස්තරවරයා ලබන මාර්තු 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

එම මගියා විසින් රුපියල් 50 ලබා දී ටිකට් පතක් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ කොස්දොස්වරයා ඉතිරි මුදල් ආපසු නොදුන් බවට එම මගියා විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබිණ.