ආසියානු කුසලානයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලානයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලානයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 9:36 pm

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු  තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 12ක ජයක් අද වාර්තා කළේ ය.

ඩකාහි ෆටුල්ලා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 14කට දැවී ගියේ ය.

අනතුරු ව ලහිරු තිරිමාන්න සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට ලකුණු 161ක සබඳතාවක් ගොඩ නැගූහ.

84 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 67ක් රැස් කළේ ය.

ලහිරු තිරිමාන්න පන්දු 110කදී ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් අද වාර්තා කළේ 18 වැනිඑක්දින අර්ධ ශතකය යි.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 296කි.

පකිස්ථානය මුල් පෙළ කඩුලු 4ලකුණු 121කදී බිඳ වැටිණ.

නායක මිස්බා උල් හක් අද සිය 36 වැනි එක්දින අර්ධ ශතකය අද වාර්තා කළේ ය.

උමාර් අක්මාල් 18 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේ ය.

අක්මාල් සහ මිස්බා උල් හක් අතර පස්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 121කි.

පකිස්ථාන අවසන් කඩුලු 5 ලකුණු 42 කදී බිඳ වැටිණ.

ලසිත් මාලිංග පන්දුවාර 9යි පන්දු 5කදී ලකුණු 52ට කඩුලු 5ක් දවා ගත්තේ ය.

පකිස්ථානයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 284ක් පමණි.