අකුරැස්සේ පියෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට මරණ දඬුවම

අකුරැස්සේ පියෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට මරණ දඬුවම

අකුරැස්සේ පියෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට මරණ දඬුවම

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2014 | 7:28 pm

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ  එක ම පවුලේ තිදෙනෙකුට අද මාතර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරිණ.

අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ, මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා විසිනි.

මීට වසර 9 කට ඉහත දී ඔවුන් මෙම ඝාතනය සිදු කර තිබුණි.

මරණ දඬුවම නියම වූයේ අකුරැස්ස දෙඩියගල ප්‍රදේශයේ පදිංචි පියෙකුට සහ පුතුන් දෙදෙනෙකුට ය.

2005 වසරේ අප්‍රේල් 14 වනදා ට ආසන්න දිනකදී හවුල් ඉඩමක නිවසක් තනා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තියුණු ආයුධයකින් පහර දී එම මරණය සිදු කර තිබිණ.