තීරණාත්මක දෙවන එක්දින සටන අද

තීරණාත්මක දෙවන එක්දින සටන අද

තීරණාත්මක දෙවන එක්දින සටන අද

කර්තෘ Chathuranga Rajapaksha

20 Feb, 2014 | 9:02 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද දිවා/රාත්‍රී තරගයක් ලෙස මීන්පූර් හිදී ආරම්භ වීමට නියමිත ය.

කෙසේ වෙතත් අද තරගයේදී ද බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂතා කිසිඳු විටෙක අඩු තක්සේරුවක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆැබ්රේස් පවසයි.

තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමටනම්,  බංග්ලාදේශය අද තරගය අනිවාර්යෙන්ම ජය ගත යුතු වේ.

ඒ, දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 13 කින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේ  තරග 1 ට 0 ක් ලෙසින් පෙරමුණේ පසුවීම හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]