අර්තාපල්, ලොකු ළූණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක්

අර්තාපල්, ලොකු ළූණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක්

අර්තාපල්, ලොකු ළූණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක්

කර්තෘ Chathuranga Rajapaksha

13 Feb, 2014 | 8:26 pm

අර්තාපල්, ලොකු ළූණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, අදාළ වැඩපිළිවෙළ සතොස හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ය.

2014 අයවැයෙන් කළ යෝජනාවට අනුව සහතික මිල ක්‍රමය රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

ඒ අනුව අල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 80 කටත් ‍ලොකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 60 කටත් වියලි මිරිස් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 350 කටත් නිෂ්පාදකයාගෙන් මිලදී ගනු ඇති.

මේ අතර බීජ අර්තාපල් කි‍ලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 160 කටත් බීජ ලෝකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 12,000ටත් නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට ද අපේක්ෂිත ය.

නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබාදීමත්, දේශීය නිෂ්පාදනය වැඩිකිරිමත්‍ එම සහතික මිල හඳුන්වාදීමේ අපේක්ෂාව වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]