සරසවි සිසුවාගේ මරණ සිය දිවි නසා ගැනීමක් බවට තහවුරු වෙයි

සරසවි සිසුවාගේ මරණ සිය දිවි නසා ගැනීමක් බවට තහවුරු වෙයි

සරසවි සිසුවාගේ මරණ සිය දිවි නසා ගැනීමක් බවට තහවුරු වෙයි

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 4:00 pm

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගසක එල්ලෙමින් තිබියදී සොයා ගත් සිසුවාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වී ඇති බව ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු පිරිමි නේවාසිකාගරයට ඉහළින් පිහිටි ලඳු කැලෑවක තිබී පසු ගිය 10 වන දා එම සිරුර සොයා ගැනිණ.

24 හැවිරිදි ඩී.කේ. නිශාන්ත නමැති එම සිසුවා අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2011 වස‍රේ  නේවාසිකාගාරය තුළ දී සිය මිතුරාට තව ත් සිසුන් පිරිසක් විසින් ලිංගික අතවර කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිසුවා සාක්ෂිකරුවෙකු ව සිටි බව පොලීසිය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]