English
தமிழ்
කර්තෘ Kumudu Jayawardana
12 Feb, 2014 | 4:55 pm
මෑතකදී උපාධිය ලැබූ ශ්රී ලාංකික තරුණයෙකු මැලේසියාවේ ක්වාලා ලම්පූර් නගරයේ මහල් නිවාසයක් තුළදී ඝාතනයට ලක්ව තිබේ.
එම මහල් නිවාසයේ ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ, දින 7කට පමණ පෙර ය.
ක්වාලා ලම්පූර්හි තමාන් අබාඩි ඉන්ඩාහි මහල් නිවාස සංකීර්ණයක මෙම ඝාතනය සිදු වී තිබේ.
ඔහු සමග එම කාමරයේ නවාතැන් ගෙන සිටි මිත්රයෙකු දොර විවෘත කර ගැනීම සඳහා යතුරක් නොමැති බව පොලීසියට දන්වා ඇති අතර පොලීසිය සමග එම මිත්රයා නිවසට ඇතුළු වී ඇත්තේ, දොර කඩමිනි.
එහි ඇතුළු වූ ඔවුන්ට අදාළ ශ්රී ලාංකික තරුණයාගේ අඩ නිරුවත් සිරුර ඇඳ මත තිබී හමු වී තිබේ.
ඒ අසල ජංගම දුරකතනයක් සහ ලිංගික ක්රියා සඳහා භාවිත කරන උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
එම උපකරණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලීසිය නිගමනය කළේ, අදාළ ශ්රී ලාංකික තරුණයා සම ලිංගික ක්රියාවක නිරතව සිට ඇති බවට ය.
ඝාතනයට ලක්වූ ශ්රී ලාංකිකයා 34 වියැති අයෙකු වන අතර, ඔහු සමග එකට නවාතැන් ගෙන සිට ඇත්තේ, 32 වියැති ජර්මන් ජාතිකයෙකු සහ 33 වියැති පෝලන්ත ජාතිකයෙකි.
SOURCE: The Star
21 Feb, 2019 | 07:46 AM
21 Feb, 2019 | 05:57 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS