ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක්

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 7:57 pm

බංග්ලාදේශය සමග පැවති පළමු පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 2ක ජයක් අද  වාර්තා කළේ ය.

චිතගොංහිදී පැවැති තරගයේ පළමුවෙන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 168කි.

බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු  7ක් දැවී රැස් කිරීමට හැකි වුයේ, ලකුණු 166ක් පමණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් රැස් කළේ ය.

නුවන් කුලසේකර ලකුණු 31ක් රැස් කළ අතර අර්ෆත් සනී ලකුණු 17ට කඩුලු 2ක් දවා ගත්හ.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 30ක් රැස් කළ අතර අනාමුල් හක් පන්දු 45කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 58කි.

තරගයේ අවසන් පන්දු වාරයේදී බංග්ලා‍‍දේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් රැස් කිරීමට තිබූ අතර ඔවුන්ට රැස් කිරිමට හැකි වූයේ, ලකුණු 19ක් පමණි.

නුවන් කුලසේකර ලකුණු 29ට කඩුලු 2ක් දවා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]