වැට මායිම වෙනුවෙන් දෙදෙනෙක් මැරූ සැරයන්ට මරණ දඬුවම

වැට මායිම වෙනුවෙන් දෙදෙනෙක් මැරූ සැරයන්ට මරණ දඬුවම

වැට මායිම වෙනුවෙන් දෙදෙනෙක් මැරූ සැරයන්ට මරණ දඬුවම

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 6:28 pm

පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තව ත් 4 දෙනෙකුට තුවාල සිදු කිරීම යන චෝදනාවන්ට වරදකරු වූ හිටපු පොලිස් සැරයන්වරයකුට මාතර මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

මීට වසර 10 කට පෙර ඉඩමේ වැට මායිමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා එම ඝාතන සිදුකර තිබිණ.

මෙහිදී පිය පුතු දෙදෙනෙකුට එරෙහි ව නඩු විභාගය පැවති අතර පුත්‍රයා නිදහස් කිරීමට මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා අද නියෝග කළේ ය.

මරණ දඬුවම නියම වූ පුද්ගලයා දික්වැල්ල , ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2004 ජුලි 02 වන දිනට ආසන්න දිනකදී 18 හැවිරිදි තරුණියක් හා 22 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර 4 දෙනෙකුට තුවාල සිදුකිරිමේ චෝදනා යටතේ මාතර මහා ධිකරණයෙන් මොවුන්ට අධි චෝදනා ගොනු කර තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]