‘මම වැරදි නම්, අද අපේ මහ ඇමති ඉන්න ත් ඕනේ, හිරගෙයි’ (වීඩියෝ)

‘මම වැරදි නම්, අද අපේ මහ ඇමති ඉන්න ත් ඕනේ, හිරගෙයි’ (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 8:51 pm

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි දකුණු පළාත් සභා එක්සත් ජනාතා නිදහස් සන්ධාන අපේක්ෂක අජිත් ප්‍රසන්න මහතා අද මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, තමන්ට එල්ල වී ඇති චෝදනා වැරදි නම් බෝහෝ දේශපාලනඥයින් සිරගත කළ යුතු ව ඇති බව ය.

[quote]ට තියෙන චෝදනා තමයි නිති විරෝධි එහෙම නැත්නම් නිතිත විරෝධි රැස්වීමක් නිති විරෝධි පෙළපාලිය සංවිධානය කිරීම. ඒ පෙල පාලියේ ගමන් කිරීම. මං කියනවා ඔය දෙක වැරදි නම් . අද අපේ දකුණේ මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වාත් ඉන්න ඔනේ හිරේ.[/quote]ම

මේ අතර ගාල්ලේ සිදුවීම සම්බන්ධයෙන් ජනසෙත පෙරමුණේ,  නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද අදහස් පළ කළහ.

උන්වහන්සේ පැවසූවේ, ඡන්දය  අවසන් වන තුරු පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයා සිරගත කළ යුතු බව ය.

[quote]ඡන්දේ ඉවර වෙනකල්.ඉතිං මේකද නිතිය අපි කියා සිටිනවා. කරුණාකරලා නිතීය හරියට කරන්න. ඒ පද්ගලයා අපි කියා සිටින්නේ ජන්දේ ඉවර වෙනකල් මැතිවරණය ඉවර වෙනකල් පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන්න.[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]