මට ජිනීවා යන්න අවශ්‍යතාවක් නැහැ – සී.වී. විග්නේෂ්වරන්

මට ජිනීවා යන්න අවශ්‍යතාවක් නැහැ – සී.වී. විග්නේෂ්වරන්

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 9:44 pm

මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට තමන් සහභාගී නොවන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.


[quote]මම සහභාගී වෙන්නේ නැහැ. සහභාගී වීමේ අවශ්‍යතාවකුත් මට නැහැ. උතුරු පළාතේ පාලනය සහ පරිපාලනය පිළිබඳව තමයි මම අවධානය යොමු කරලා තියෙන්නේ.දේශපාලනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බලා ගනීවි.නමුත් පළාත් සභාව වෙනුවෙන් අනන්දි ශෂිදරන් මහත්මියට සහභාගීවෙන්නට අවස්ථාව ලබාදීලා තියෙනවා.[/quote]

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා හමුවීමෙන් අනතුරුව අද මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උතුරු පළාත් සභාව වෙනුවෙන් අනද්දි ශෂිදරන් මහත්මිය ඊට සහභාගි වනු ඇති බව ය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ක්රේස් ලොචර් මහතා අතර මෙම හමු ව සිදුවුණේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී ය.

ප්‍රධාන අමාත්‍යවරයා පසු ගිය දා කළ ප්‍රකාශයකට අදාළව පරීක්ෂණයක් කෙරෙන්නේ ද? යන්න පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීහු විමසූහ.

ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, එම  ප්‍රකාශයේ නීතියට එරෙහි යම්කිසි දෙයක් තිබේ නම් ඕනෑ ම අයෙකුට තමන්ට එරෙහි ව නීතිමය පියවර ගත හැකි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]