බේරුවලින් නවසීලන්තයට පනින්න, හැදූ 75ක් පොලිස් කූඩුවට

බේරුවලින් නවසීලන්තයට පනින්න, හැදූ 75ක් පොලිස් කූඩුවට

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 7:40 am

නීති විරෝධී ව නවසීලන්තය බලා යාමට සූදානමින් සිටි පුද්ගලයින් 75 දෙනෙකු බේරුවල,මොරගල්ල ප්‍රදේශයේදී අද අලුයම පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 60 දෙනෙකු හා කාන්තාවන් 09 දෙනෙකු ද වන බව ය.

කුඩා ළමුන් 06 දෙනෙකු ද පිරිස අතර වන බව පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට පත් සැකකරුවන් මඩකලපුව සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]