ඩෙන්මාර්ක් සත්ත්වෝද්‍යානයකදී ජිරාෆ් සත්ත්වයෙකු ඝාතනය කරයි (වීඩියෝ)

ඩෙන්මාර්ක් සත්ත්වෝද්‍යානයකදී ජිරාෆ් සත්ත්වයෙකු ඝාතනය කරයි (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

12 Feb, 2014 | 2:39 pm

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සත්ත්වෝද්‍යානයේ සිංහයින්ට ආහාර සඳහා පුෂ්ටිමත් ජිරාෆ් සත්ත්වයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සත්ත්වවේදීන් දැඩි විරෝධය පළ කර තිබේ.

මාස 18ක් වයසැති එම ජිරාෆ්, මාරියාස් ලෙස නම් කර තිබිණි.

එම සත්ත්වයාගේ හිසට වෙඩි තබා ඝාතනය කර පසුව අවයව වෙන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන Youtube වෙත මුදා හැර ඇත.

එම ක්‍රියාව සිදු කර ඇත්තේ, මහ ජනතාව රැස්ව සිටි අවස්ථාවකදී ය.

සත්ත්වවේදීන් පවසන්නේ, සත්ත්ව හිංසනය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]