ගම්පහ ප්‍රදේශ රැසකට දින 4ක් ජලය කැපේ

ගම්පහ ප්‍රදේශ රැසකට දින 4ක් ජලය කැපේ

ගම්පහ ප්‍රදේශ රැසකට දින 4ක් ජලය කැපේ

කර්තෘ Kumudu Jayawardana

12 Feb, 2014 | 4:00 pm

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට සිට දින 4ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කැලණිය, මහර, වත්තල, ජා-ඇළ, බියගම, දොම්පේ සහ පෑලියගොඩ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, හෙට සිට පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙය දින 4ක් ක්‍රියාත්මක වන බව ය.