අධිකරණ නියෝගය නොතකන රජරට සිසුන් අත්අඩංගුවට ගන්නැයි, නියෝග

අධිකරණ නියෝගය නොතකන රජරට සිසුන් අත්අඩංගුවට ගන්නැයි, නියෝග

අධිකරණ නියෝගය නොතකන රජරට සිසුන් අත්අඩංගුවට ගන්නැයි, නියෝග

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 6:52 pm

රජරට විශ්වවිද්‍යාල සිසුන් අධිකරණ නියෝගය නොතකමින් අනුරාධපුර අධිකරණ බල සීමාවේ කුමන ස්ථානයක හෝ යළි උපවාසය ඇරඹුව හොත් අව ම බලය යොදා එය විසුරුවා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී ය.

යළි උපවාසය ඇරඹුව හොත් ඊට සම්බන්ධ සරසවි සිසුන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නි‍යෝග කෙරිණ.

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 28 දෙනෙකුගේ පන්ති තහනමට විරෝධය පළ කරමින් සිදු කළ උපවාසයට අදාළ පැමිණිල්ල යළි කැඳ වූ අවස්ථාවේදී විනිසුරුවරිය අදාළ නියෝග නිකුත් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]