බංග්ලාදේශයෙන් ප්‍රබල සටනක්

බංග්ලාදේශයෙන් ප්‍රබල සටනක්

බංග්ලාදේශයෙන් ප්‍රබල සටනක්

කර්තෘ Chathuranga Rajapaksha

06 Feb, 2014 | 5:18 pm

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 409ක් ලබා සිටී.

ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 587ට පිළිතුරු වශයෙනි.

බංග්ලාදේශය මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178ක් පිටුපසින් සිටී.

චිතගොන්හිදී පැවැත්වෙන තරගයේ තුන්වන දිනය ආරම්භ කරන විට බංග්ලාදේශය සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී

ලකුණු 86ක් රැස් කරගෙන සිටියේය.

ශම්සූර් රෙහෙමාන් සහ ඉම්රුල් කයිස් එක්ව දෙවනකඩුල්ල වෙනුවෙන් ලකුණු 232ක විශිෂ්ට සබදතාවයක් ගොඩනැංවීමට සමත් විය.

ශම්සූර් රෙහෙමාන් සහ ඉම්රුල් කයිස් සිය මංගල ටෙස්ට් ශතක අද වාර්තා කිරීම විශේෂත්වයකි.

බංගලාදේශ දෙවන කඩුල්ල ලෙස ශම්සූර් රෙහෙමාන් ලකුණු 106කට දැවී ගියේය.

ඉම්රුල් කයිස් ලකුණු ලබාගත් ලකුණු ගණන 115කි.

ශකිබ් අල්-හසන් ලකුණු 50ක් ලබා ගත්තේය.

පන්දුයැවීමේදි අජන්ත මෙන්ඩිස් ලකුණු 84කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් විය.

දිල්රුවන් පෙරේරා ලකුණු 119කට ලබා ගත් කඩුලු ගණන 3කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]