නායකත්ව පුහුණුවේදී ශිෂ්‍යයෙකු මරුට

නායකත්ව පුහුණුවේදී ශිෂ්‍යයෙකු මරුට

නායකත්ව පුහුණුවේදී ශිෂ්‍යයෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

01 Feb, 2014 | 10:10 pm

මහනුවර, ගන්නෝරුව හමුදා කඳවුරෙහි නායකත්ව පුහුණුව ලබමින් සිටි රෝගී වූ ශිෂ්‍යයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි එම  සිසුවා පසුගිය 26 වන දා උදරාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ය.

ඔහු පසුගිය 28 වන දා ශල්‍යකර්මයකට ලක්කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගියේය.

අදාළ ශිෂ්‍යයා යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත්ව නායකත්ව පුහුණුව ලබමින් සිටියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]