සිංහල ටයිප් කරන්න පහසු ක්‍රමයක්

සිංහල ටයිප් කරන්න පහසු ක්‍රමයක්

සිංහල ටයිප් කරන්න පහසු ක්‍රමයක්

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 4:29 pm

සිංහල භාෂාව ඉතා පහසුවෙන් පරිගණකගත කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

එම නව ක්‍රමවේදය නිර්මාණය කර ඇත්තේ ජයන්ත අහංගම මහතා විසිනි.

තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, සිංහල භාෂාවේ අක්ෂර පරිගණකගත කිරීම හා නිවැරදි ව්‍යාකරණානුකූලව භාෂාව පරිගණකගත කිරීම එම ක්‍රමය මගින් පහසු කර ඇති බව ය.

අකාරාධි පිළිවෙළ සහිතව සිංහල භාෂාව මෙන්ම පාලි හා සංස්කෘත භාෂාවන් ද පරිගණකයේ හැසිරවීම ඉතා පහසු කාර්යයක් කර තිබීම එහි විශේෂත්වයක් බව ද  අමාත්‍යාංශය සඳහන් කළේය.