ශ්‍රී ලංකා – චෙන්නායි ධීවර සාකච්ඡා හෙට

ශ්‍රී ලංකා – චෙන්නායි ධීවර සාකච්ඡා හෙට

ශ්‍රී ලංකා – චෙන්නායි ධීවර සාකච්ඡා හෙට

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 4:02 pm

ශ්‍රී ලංකා – චෙන්නායි ධීවර සාකච්ඡා හෙට පෙරවරුවේ ආරම්භ වේ.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රජයේ නියෝජිතයින් පස් දෙනෙකු හා ධීවර නියෝජිතයින් 10 දෙනෙකු සහභාගී වන බව ය.

ඊට සහභාගීවන රජයේ නියෝජිතයින් වන්නේ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි, ධීවර අමාත්‍යංශ උ‍පදේශක ආචාර්ය එස්. සුභසිංහ, රජයේ නීති උපදේශක නුවන් පීරිස්, ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා සහ මන්නාරම ධීවර සහකාර අධ්‍යක්ෂ බී.එස් මිරින්ඩා යන මහත්වරුන් ය.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රීකුණාමලය, මුලතිව්, පුත්තලම, හා මීගමුව යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ධීවර නායකයින් 10 දෙනෙකු සහභාගීවනු ඇති.

ධීවර අමාත්‍යංශය ප්‍රකාශ කළේ, පසුගියදා ඉන්දීය මධ්‍යම රජයේ නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡා හා ඉන්දු ලංකා රාජතාන්ත්‍රික ධීවර කමිටුවේදී සාකච්ඡා කළ කරුණු පදනම් කර ගනිමින් චෙන්නායි සාකච්ඡා පැවැත්වෙන බව ය.