විදෙස් දැරියකට අතවර කරන්න ගිය ගාලු තරුණයාට වැඩ වරදී

විදෙස් දැරියකට අතවර කරන්න ගිය ගාලු තරුණයාට වැඩ වරදී

විදෙස් දැරියකට අතවර කරන්න ගිය ගාලු තරුණයාට වැඩ වරදී

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 9:59 pm

ගාල්ල, රූමස්සල වෙරළ තීරයේදී 9 හැවිරිදි විදේශීය දැරියකට ලිංගික අතවර කිරීමට තැත්කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ දැරිය තම දෙමව්පියන් සමග වෙරළේ සිටියදි සැකකරු එම අපරාධය සිදු කිරීමට තැත්කර ඇති බව ය.

එලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, බටදූව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරණයෙකි.

මේ අතර හික්කඩුවේදී විදේශීය තරුණියක් දූෂණය කළ බව කියන සැකකරුවෙකු සොයා පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ තරුණිය හික්කඩුව මුහුදු තීරයේ දූපතකට ගොස් ආපසු එමින් සිටියදී සැකකරු විසින් ඇය දූෂණය කරනු ලැබ ඇති බව ය.

එලෙස දූෂණයට ලක්ව ඇත්තේ, 20 හැවිරිදි තරුණියකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]