විදුලි බිල ඉහළ දමන්නේ නැහැ – විදුලිබල නියෝජ්‍ය ඇමති

විදුලි බිල ඉහළ දමන්නේ නැහැ – විදුලිබල නියෝජ්‍ය ඇමති

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 8:49 pm

විදුලි බලාගාර ආශ්‍රිතව පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් මත කිසිසේත් බර නොතබන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පදනම අද බලංගොඩ මොරහැල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ පැවැත්වූ අක්ෂි සායන වැඩසටහනකට එක්වෙමින් ය.

නඩත්තු කටයුතු සඳහා කැනියන් බලාගාරය ද, දෝෂ කිහිපයක් හේතුවෙන් නො‍රොච්චෝලේ බලාගාරයේ පළමු අදියර ද ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන කේබලයේ ඇති දෝෂයක් හේතුවෙන් කැලණිතිස්ස වාෂ්ප බලාගාරය ද තවදුරටත් අක්‍රියව පවතී.

එමෙන්ම නඩත්තු කටයුත්තක් සඳහා රන්දෙණිගල බලාගාරයේ කොටසක් ද , කැනියන් සිට නව ලක්ෂපාන දක්වා ඇති උමගේ නඩත්තු කටයුතු සදහා නඩත්තු කටයුතු සඳහා එම බලාගාර දෙක ද පවතින්නේ අක්‍රීය මට්ටමේ ය.

මෙවැනි තත්ත්වයක් තුළ ඊයේ විදුලි ඉල්ලුමෙන් සියයට 28 ක් පමණ ජල විදුලි බලාගාර වලින්ද සියයට 70ක් පමණ ඉන්ධන බලාගාර වලින් ද ඉතිරි සියයට 2 සුළං බලාගාර වලින් සැපයූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා පැවසීය.

පසුගිය දින කිහිපයේ ද විදුලි සැපයුම ද මෙවැනි තත්ත්වයක පැවති අතර ඉන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් මිලදී ගත්තේ පෞද්ගලික අංශයෙනි

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා

[quote]තවත් ඉදිරියට විදුලි බිලේ වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙන් නෑ[/quote]