විද්‍යා පීඨ සඳහා අයදුම්පත් කැඳවයි

විද්‍යා පීඨ සඳහා අයදුම්පත් කැඳවයි

විද්‍යා පීඨ සඳහා අයදුම්පත් කැඳවයි

කර්තෘ Sagarika Chathumali

26 Jan, 2014 | 7:56 am

ලබන මස 21 වැනිදා දක්වා විද්‍යා පීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමට අදාළ ඉල්ලුම්පත්‍ර භාර ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉල්ලුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ලබන 31 වන දා නිකුත් කිරීමට නියමිතයි.

අමාත්‍යාංශය පැවසුවේ, මෙවර සිසුන් 3,500 දෙනෙකු විද්‍යාපීඨවලට බඳවා ගන්නා බව ය.

ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය ඇතුළු පාඨමාලා රැසක් සඳහා දිවයින පුරා විද්‍යා පීඨ 18 කට මෙම සිසුන් බඳවා ගැනෙනු ඇති.

2012 උසස් පෙළ සමතුන්ගෙන් මෙම අයදුම්පත්‍ර කැඳවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.