තුන් වේල දැන් එක වේලට අඩුවෙලා – සුසිල් කි‍ඳෙල්පිටිය

තුන් වේල දැන් එක වේලට අඩුවෙලා – සුසිල් කි‍ඳෙල්පිටිය

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 8:01 pm

ජනමග පදනම සංවිධාන කළ උත්සවයක් අද දෙමටගොඩ, කල්ලිපුලිවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විය.

ඒ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක හා ජනමග පදනමේ සභාපති සුසිල් කි‍ඳෙල්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී දෙමටගොඩ, කල්ලපුලිවත්ත ප්‍රදේශයේ දරුවන් පිරිසකට අභ්‍යාස පොත් බෙදා දුන් අතර, එම උත්සවයට අනෝමා ‍ෆොන්සේකා මහත්මිය ද එක්ව සිටියා ය.

ජනමග පදනමේ සභාපති සුසිල් කි‍ඳෙල්පිටිය මහතා

[quote]මේ දරුවන්ගේ ප්‍රශ්න විසදගන්න බැරුව හරියට බඩ පිරෙන්න කෑමක් කන්න බැරුව ඉස්සර තුන් වේල කාපු එක දැන් දෙවේල කාලා දැන් එක වේල බවට පත්වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම පරිසරයක කොහොම ද අපි ඉස්සරහට යන්නේ[/quote]

අනෝමා ‍ෆොන්සේකා මහත්මිය

[quote]අපේ කිඳෙල්පිටිය මහත්මයා කරන මේ සද්කාර්ය  මං ඉතා ඉහළින් අගය කරන සද්කාර්යයක්.[/quote]

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක හා ජනමග පදනමේ සභාපති සුසිල් කි‍ඳෙල්පිටිය මහතා මැද කොළඹ ප්‍රදේශයේ සංචාරයක නිරත විය.