කොළොන්තොට සිංහයා ඉස්සරහට ගෙනියන්න ඒ සිංහයාගේ සිංහ දුව ඉදිරිපත් වෙනවා – හිරුණිකා

කොළොන්තොට සිංහයා ඉස්සරහට ගෙනියන්න ඒ සිංහයාගේ සිංහ දුව ඉදිරිපත් වෙනවා – හිරුණිකා

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 6:44 pm

පියාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් කොළඹ ජනතාවට සේවය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැද කොළඹ සම සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසන්නීය.

සිය දේශපාලන ප්‍රචාරක කටයුතු අද අරඹමින් ඇය මේ අදහස් පල කළාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ, කොලොන්නාවේ පිහිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ය.

[quote]ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද  කොළඹ සම සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර චරිතය කොළොන්තොට සිංහයා ඉස්සරහට ගෙනියන්න ඒ සිංහයාගේ සිංහ දුව,ඉදිරිපත් වෙනවා කියලා මම මේ වෙලාවේ කියනවා.[/quote]

මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුව ඇය කොලොන්නාව ජනතාව හමුවිය.

පසුව ඇය රථ පෙළපාලියකින් මැද කොළඹ ප්‍රදේශයේ ද සංචාරය කළාය.