ඉඩම් ගැටලු විසඳීමට අධිකරණ බලතල සහිත කමිටුවක්

ඉඩම් ගැටලු විසඳීමට අධිකරණ බලතල සහිත කමිටුවක්

ඉඩම් ගැටලු විසඳීමට අධිකරණ බලතල සහිත කමිටුවක්

කර්තෘ Sagarika Chathumali

26 Jan, 2014 | 9:34 am

ඉඩම් ගැටලු විසඳීම සඳහා අධිකරණ බලතල සහිත කමිටුවක් පත්කිරීමට රජය සැලසුම් කර තිබේ.

අතිරේක මැනුම්පති පී.එම්.පී. උදය කාන්ත මහතා පැවසුවේ, ඉඩම් ආරවුල් නිරවුල් කර ඒ සඳහා හිමිකම් සහතික ලබා දීමේ දී පැනනැගුණු ගැටලු පිළිබඳ සලකා බලා එම තීරණය ගෙන ඇති බව ය.

ඒ සඳහා ඊට අදළ පනත සංශෝධනය කිරීම සැලසුම් කර බව ද ඔහු පැවසී ය.

අතිරේක මැනුම්පතිවරයා සඳහන් කළේ, මේ  පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්මත වී ඇති බව ය.

ඒ අනුව නව පනත් කෙටුම්පත සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉදිරියේදී ඉඩම් සදහා හිමිකම් සහතිකය මෙන් ම ඔප්පුව ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බව ද අතිරේක මැනුම්පතිවරයා පැවසී ය.

ඉඩම් ගැටලු, අධිකරණ බලතල සහිත කමිටුවක්, අතිරේක මැනුම්පති, පී.එම්.පී. උදයකාන්ත