විවෘත රේසින් පාපැදි තරගයේ ජය ගුවන් හමුදාවට

විවෘත රේසින් පාපැදි තරගයේ ජය ගුවන් හමුදාවට

විවෘත රේසින් පාපැදි තරගයේ ජය ගුවන් හමුදාවට

කර්තෘ Chathuranga Rajapaksha

25 Jan, 2014 | 10:38 pm

අග්ගොන ග්‍රෑන්ඩ් ක්‍රීඩා සමාජය හය වැනි වරට සංවිධාන කළ විවෘත රේසින් පාපැදි තරගය අද පැවැත්විය.

පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාපැදි ශුරයෙකු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහයි.

පාපැදි තරගයේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ අග්ගොන මංසන්ධියේදී ය.

ඊට කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස, මංජුල බුද්ධදාස හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක

සුසිල් කි‍ඳෙල්පිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.

අග්ගොන මංසන්ධියෙන් ඇරඹි තරගය වැලිකඩ මංසන්ධිය,කෝට්ටෙ පාර,පාර්ලිමේන්තු වටරවුම,බත්තරමුල්ල ,කොස්වත්ත ඔස්සේ නැවත අග්ගොන දක්වා පැමිණියේය.

තරගයේ ප්‍රථම ස්ථානය ගුවන් හමුදාව දිනා ගනිද්දී දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ ඩබ්ලිම්.එම්. ප්‍රියන්ත දිනා ගත් අතර තෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසුරියට හිමිවිය.